සිංහල | Sinhalese

The Orange Door ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා මෙන්ම දරුවන්ගේ යහපැවැත්ම හා සංවර්ධනය සඳහා උපකාර අවශ්‍ය වන පවුල්වලට උපකාර සපයයි. Information about the Orange Door in Sinhalese.

සිංහල භාෂාවෙන් තොරතුරු

The Orange Door ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා මෙන්ම දරුවන්ගේ යහපැවැත්ම හා සංවර්ධනය සඳහා උපකාර අවශ්‍ය වන පවුල්වලට උපකාර සපයයි.

සමහර විට නිවසේ හෝ සබඳතාවක තත්ත්වය යහපත් නොවිය හැකි අතර ඔබට උදව් හා උපකාර අවශ්‍ය වීමට ඉඩ ඇත. ඹබට සවන්දීම ‌මෙන් ම අවශ්‍ය උපකාර කඩිනම්ව හා පහසුවෙන් ලබා ගැනීම සඳහා The Orange Door සිටියි.

ඔබ ක්ෂණික අනතුරකට මුහුණ පා සිටින්නේ නම් බිංදු තුන (000) අමතන්න.

මෙවන් අවස්ථාවල දී The Orange Doorට උදව් කළ හැකිය:

  • ඔබට මාපියභාවය සම්බන්ධයෙන් උදව් අවශ්‍ය නම් හෝ ඔබ දරුවෙකු හෝ නවයොවුන් වියේ කෙනෙකුගේ යහපැවැත්ම නැත්නම් සංවර්ධනය ගැන සිත්තැවුලෙන් පසු වන්නේ නම්.
  • ඔබේ සහකරුවා/කාරිය, කලින් සහකරුවා/ කාරිය, පවුලේ අයෙකු හෝ රැකවරණ සපයන අයෙකු වැනි ඔබට සමීප කිසියම් කෙනෙකු ඔබව අනාරක්ෂිත බවට හා බියට පත් කරන්නේ නම්.
  • ඔබ ආරක්ෂාවක් හෝ රැකවරණයක් ‌නොලැබෙන බව දැනෙන දරුවෙකු හෝ නවයොවුන් වියේ අයෙකු නම්.
  • ඔබ හිංසනාත්මක හා පාලනකාරී චර්යාවලවලට මුහුණපෑමේ අවදානමට ලක් වී සිටී නම් හෝ ‌නිවසේ හෝ සම්බන්ධතාවයක මෙවන් චර්යා සම්බන්ධයෙන් ඔබට උදව් අවශ්‍ය නම්.
  • ඔබ දන්නා කෙනෙකුගේ ආරක්ෂාව ගැන ඔබ සිත් තැවුලට පත් වී සිටින්නේ නම්.
  • ඔබ යන්නේ කොතැනකද, ඔබ මුදල් කොපමණ වියදම් කරනවාද වැනි දේ ගැන දැඩි පාලනයකින් යුතුව බැලීම වැනි පාලනකාරී චර්යා ද ඇතුළත්ව ඔබ ගෘහස්ත හිංසනය අත්විඳින්නේ නම්.

The Orange Doorට පහත ආකාරයට උපකාර කළ හැකිය:

  • ඔබට සවන් දී ඔබේ සිත් තැවුල් පිළිබඳව අසා සිටීම.
  • ඔබට අවශ්‍ය උපකාර හා සහයෝග හඳුනාගැනීමට ඔබ සමග කටයුතු කිරීම.
  • දරුවන් හා නව යොවුන් වියේ අයගේ යහපැවත්ම හා සංවර්ධනය සම්බන්ධයෙන් ඔබට සහයෝගය ලබා දීම
  • ඔබ හා ඔබේ දරුවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා ආරක්ෂිත වීමේ සැලසුමක් තනා ගැනීමට උපකාර කිරීම.
  • උපදේශනය, නවාතැන්, ගෘහස්ථ හිංසන උපකාර, මානසික සෞඛ්‍ය සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවා, මාපිය සහයෝග කණ්ඩායම්, දරුවන් වෙනුවෙන් වන සේවා, මූල්‍යමය උපකාර හෝ නීතිමය උපකාර වැනි උපකාර සේවා සමග ඔබව සම්බන්ධ කිරීම.
  • මූලික ජීවන වියදම් හා වෙනත් ගාස්තු වෙනුවෙන් වන අරමුදල් ලබා ගැනීම සඳහා උපකාර කිරීම.
  • ඔබ නිවසේ දී හෝ සම්බන්ධතාවයක දී හිංසනාත්මක හෝ පාලනකාරී චර්යාවන් භාවිත කරන්නේ නම් ඒවා වෙනස් කර ගැනීමට උපකාර කරමින් ඔබ සමග කටයුතු කිරීම.

The Orange Door වෙත පිවිසිය හැක්කේ කෙසේද?

The Orange Door සඳුදා සිට සිකුරාදා දක්වා පෙව 9 සිට පව 5 දක්වා විවෘත කර තිබේ (ප්‍රසිද්ධ නිවාඩු දිනවල වසා ඇත).

ඔබගේ ප්‍රාදේශීය සේවාව සොයා ගැනීමට ස්ථානය හෝ තැපැල් කේතය අනුව සොයන්න.

ඔබ සන්නිවේදනය සඳහා ආධාරක භාවිත කරන්නේ නම් මෙන්ම ඔබට AUSLAN (ඔස්ලැන්) ඇතුළු භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය අවස්ථාවල දී පවා The Orange Door ට ඔබ සමග කටයුතු කළ හැකිය.

මට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය වේ

ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, සේවාවට දැනුම් දෙන්න. සේවාවට දැනුම් දෙන්න:

  • ඔබේ දුරකතන අංකය
  • ඔබේ භාෂාව
  • ආරක්ෂිතව ඇමතීමට සුදුසු වේලාවන්.

එවිට භාෂණ පරිවර්තකයෙකු ඔබ අමතනු ඇත.

The Orange Door යනු මා වෙනුවෙන් සැලසුම් කරන ලද සේවාවක්ද?

The Orange Door ඕනෑම වයසක්‌, ලිංග භේදයක්, ලිංගිකතාවයක්, සංස්කෘතියක්‌, සහ හැකියාවක්‌ ඇති පුද්ගලයන් සාදරයෙන් පිළිගනියි. සියලුම සංස්කෘතික හා ආගමික මනාපයන්ට ගරු කරනු ලැබේ. ඔබ පිරිමි හෝ කාන්තා වෘත්තිකයෙකු සමඟ වැඩ කිරීමට කැමති ද යන්න වෘත්තිකයාට දන්වන්න. The Orange Door පුද්ගලයන්ගේ සහ පවුල්වල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා බහු සංස්කෘතික සේවා, LGBTI සේවා හා ආබාධිතතා සේවා සමඟ කටයුතු කරයි. කාර්ය මණ්ඩලය විසින් විකල්පයන් පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන අතර ඔබට අවශ්‍ය වන සේවාවන් වෙත ඔබව සම්බන්ධ කරනු ඇත.

ඔබ සංක්‍රමණිකයෙක් නැත්නම් සරණාගතයෙක් නම් හෝ ස්ථිර පදිංචිය නොමැති අයෙක් නම්, පවා අපට තව දුරටත් ඔබට උදව් කළ හැකිය. ඔබගේ සංක්‍රමණ තත්ත්වය නිසා උදව් ඉල්ලා සිටීමට බිය නොවන්න. මෙය නොමිලේ ලබා දෙන සේවාවකි. ඔබ ඔබේ තත්ත්වය දුරකථනය මඟින් හෝ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට කැමති නම්, The Orange Door වෘත්තිකයන්ට දැනුම් දෙන්න.

The Orange Door විවෘත කර නොමැති විට මා යා යුත්තේ කොතැනටද?

මෙම වේලාවන් වලින් පිටත අවස්ථාවන්හිදී පහත සේවාවන් අමතන්න:

  • Men’s Referral Service වෙත 1300 766 491 ඔස්සේ (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 9 දක්වා සහ සෙනසුරාදා හා ඉරිදා හා රජයේ නිවාඩු දිනවලදී පෙ.ව. 9- සිට ප.ව. 6 දක්වා) (Men's family violence දුරකතන උපදේශන, තොරතුරු හා යොමු කිරීමේ සේවාව)
  • ගෘහස්ත හිංසනයට ගොදුරු වූවන් සඳහා උපකාරක සේවාවක්‌ වන Safe Steps වෙත 1800 015 188 ඔස්සේ (සතියේ සෑම දිනකම පැය 24 පුරා). ඔබට Safe Steps වෙත ඊමේල් පණිවුඩයක් යැවීමට හෝ ඔවුන්ගේ සජීවී web chat (වෙබ් චැට්) උපකාරක සේවාව භාවිතා කිරීමට ද හැකිය
  • Victims of Crime helpline (අපරාධවලට ගොදුරු වූ සියලුම පුද්ගලයින් සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වැඩිහිටි පිරිමින් සඳහා) වෙත 1800 819 817 ඔස්සේ හෝ 0427 767 891 වෙත ටෙක්ස්ට් පණිවුඩයකින් (සෑම දිනකම පෙ.ව. 8 සිට ප.ව. 11 දක්වා)
  • ලිංගික අතවරවලට ගොදුරු වූවන් සඳහා වන The Sexual Assault Crisis Line වෙත 1800 806 292 ඔස්සේ (සතියේ සෑම දිනකම පැය 24 පුරා)

ඔබ හෝ වෙනත් අයෙකු ක්ෂණික අනතුරකට මුහුණ දී සිටී නම්, හදිසි ආධාර සඳහා Triple Zero (000) අමතන්න.

පසු විපරුම සහ පෞද්ගලිකත්වය

ඔබට orangedoor.vic.gov.au/feedback හි අඩංගු මාර්ගගත පසු විපරම් පෝරමය උපයෝගී කර ගනිමින් හෝ 1800 312 820 අමතා ඔබේ වෘත්තිකයාට, අධීක්ෂකවරයෙකුට හෝ කළමනාකරුට කතා කිරීමට ඉල්ලා සිටීම ඔස්සේ The Orange Door සමඟ ඔබට ඇති අත්දැකීම් පිළිබඳ පසු විපරමක්‌ ලබා දිය හැකිය.

අපි ඔබගේ පෞද්ගලිකත්වය ගැන බැරෑරුම් ලෙස සලකන්නෙමු. ඔබේ තොරතුරු අප විසින් භාවිතා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට, කරුණාකර අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත යොමු වන්න.

Updated