The Orange Door

Sinhalese

 
The Orange Door යනු කුමක්ද?
The Orange Door යනු පවුල් හිංසන අත්දකින කාන්තාවන්, දරුවන් සහ තරුණ අය මෙන්ම දරුවන් හෝ තරුණ අය රැකබලා ගැනීමට අවශ්‍ය පවුල්වලට සේවා සඳහා ප්‍රවේශ විය හැකි නව ක්‍රමයකි.
The Orange Door වෙතින් උපකාර ලබා ගැනීම සඳහා ඔබ හට යොමු කිරීමක් අවශ්‍ය නොවේ.

The Orange Door වෙතින් මා හට කුමක් කල හැකිද?  
පහත ආකාරයේ යමක් ඇතිනම් The Orange Door හා සම්බන්ධවන්නඃ
• ඔබගේ සහකරු, පවුලේ සාමාජිකයෙකු, නිවසේ එකට ජීවත්වන අය හෝ රැකවරණකරු වැනි ඔබට සමීප අයෙකු ඔබට වේදනා ගෙනදේ නම්, පාලනය කරන්නේ නම් හෝ ඔබට බිය ඇති කරනවා නම්  
• පවුල තුල ඇති ගැටුම්, මුදල් ප්‍රශ්න, අසනීප, ඇබ්බැහිවීම්, ශෝකය හෝ හුදෙකලාව හේතුවෙන් ඔබ දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධයෙන් අරගලයක යෙදී සිටීනම්
• දරුවෙකු හෝ තරුණ අයෙකුගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් ඔබ කනස්සල්ලෙන් සිටීනම්
• මිතුරෙකුගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් ඔබ කනස්සල්ලෙන් සිටීනම්.
 
ඔබ ස්ථිර පදිංචිය නැති කෙනෙකු සංක්‍රමණිකයෙකු හෝ සරණාගතයෙකු වුවද අපට ඔබ හට උපකාර කල හැකිය, ඔබගේ සංක්‍රමණික තත්වය හේතුවෙන් උපකාර ඉල්ලා සිටීමට බිය නොවන්න.  
 
මෙය නොමිළේ ලබාදෙන සේවාවකි.
 
ඔබගේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දුරකථනය ඔස්සේ හෝ පුද්ගලිකව සම්බන්ධවීමට වඩා මනාප නම් කරුණාකර The Orange Door සේවකයන් හට දන්වන්න.  
මට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍යයි
ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍යනම්, කරුණාකර සේවාව වෙත දන්වන්න.  
සේවාව වෙත පහත දේ දන්වන්නඃ  
• ඔබගේ දුරකථන අංකය
• ඔබගේ භාෂාව
• කථා කිරීම සඳහා ආරක්‍ෂාකාරී වේලාව.
එවිට භාෂණ පරිවර්තකයෙකු ඔබව අමතනු ඇත.  
 
The Orange Door මා සඳහා සැලසුම් කල සේවාවක්ද?
The Orange Door ඕනෑම වයසක, ලිංගයක, ලිංගිකත්වයක සහ හැකියාවක් ඇති අයව සාදරයෙන් පිළිගනී. සියළුම සංස්කෘතික සහ ආගමික මනාපයන් හට ගරු කරයි. ඔබ කටයුතු කිරීමට මනාප පිරිමි හෝ කාන්තා සේවකයෙකු සමඟද යන්න සේවකයා හට දන්වන්න. 
 
The Orange Door තනි පුද්ගලයන්ගේ සහ පවුල්වල විවිධ අවශ්‍යතාවයන් හට සරිලන ආකාරයට බහු සංස්කෘතික සේවා, සමලිංගික කාන්තාවන්, සමලිංගික පිරිමින්, ද්විලිංගිකයන්, වෙනස් ලිංගිකයන් සහ අන්තර්ලිංගිකයන් ඇතුලත්  (LGBTI) සේවා සහ ආබාධිත සේවා සමඟ කටයුතු කරයි.
කාර්ය මණ්ඩලය විසින් ඔබට ඇති විකල්පයන් සම්බන්ධ තොරතුරු ලබාදෙන අතර ඔබට අවශ්‍ය සේවා සමඟ ඔබව සම්බන්ධ කර දෙනු ඇත.
The Orange Door තිබෙන්නේ කොහිද?  
ඔබගේ ප්‍රදේශයේ ඇති සේවා සම්බන්ධ සිතියමක් බලා ගැනීම සඳහා www.orangedoor.vic.gov.au වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
 
The Orange Door විවෘතව තබන වේලාවන් මොනවාද?
The Orange Door විවෘතව තබන්නේ සදුඳා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා (ප්‍රසිද්ධ නිවාඩු දිනවල වසා ඇත).
 
The Orange Door විවෘතව නැති අවස්ථාවල මා යා යුත්තේ කොතනටද?  
මෙම වේලාවලට බාහිර වේලාවලදී පහත සේවා හා සම්බන්ධ වන්නඃ  
දුරකථන අංක 1300 766 491 ඔස්සේ පිරිමින්ගේ යොමුකිරීමේ සේවාව (Men’s Referral Service) සදුඳා-සිකුරාදා පෙ.ව. 8 - ප.ව. 9 සහ සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව. 9 - ප.ව. 5 (පිරිමින්ගේ පවුල් හිංසන දුරකථන උපදේශ, තොරතුරු සහ යොමු කිරීමේ සේවාව)  
දුරකථන අංක 1800 015 188 ඔස්සේ සේෆ් ස්ටෙප්ස් පවුල් හිංසන උපකාර සේවාව (safe steps family violence support service) (දවසේ පැය 24 පුරාම සතියේ දින 7 පුරාම). මෙය පවුල් හිංසනයට ලක්වූ කාන්තාවන් සහ දරුවන් සඳහාය  
දුරකථන අංක 1800 819 817 ඔස්සේ අපරාධවලට ගොදුරුවුණු අය සඳහා උපකාර දුරකථන මාර්ගය (Victims of Crime helpline) (අපරාධවලට ගොදුරුවුණු සියළුම අය සහ පවුල් හිංසනවලට ලක්වුණු වැඩිහිටි පිරිමි අය) (සෑම දිනකම පෙ.ව. 8 –- ප.ව. 11)
ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරුවුණු අය සඳහා දුරකථන අංක 1800 806 292 ඔස්සේ ලිංගික අඩන්තේට්ටම් අර්බූද මාර්ගය (The Sexual Assault Crisis Line) (සදුඳා සිට සිකුරාදා දක්වා ප.ව. 5 - පෙ.ව. 9, සති අන්තයේ සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල පැය 24 පුරා)
 
ඔබ හෝ වෙනත් අයෙකු හට ක්‍ෂණික අවදානමක ඇතිනම්, ආපදා උපකාර සඳහා බිංදු තුන (000) අමතන්න.